Third-Party Telegram Apps සඳහා Passkeys පහසුකම
වෙනත් Telegram apps (Third-party clients) වල Passkey
පහසුකම ක්‍රියාත්මක වන ආකාරය ගැන විස්තර දැන් Telegram API
ලේඛනවලට ඇතුළත් කර තිබෙනවා.
මෙහි ඇති ප්‍රධානතම කරුණ නම්, මෙම Passkeys පොදු ඒවා නොවීමයි. එනම්, නිල Telegram app එකේ ඔබ සාදාගන්නා passkey එකකින් වෙනත් app එකකට ලොග් වීමට නොහැකිය (එමෙන්ම වෙනත් app එකක සාදන ලද්දක් නිල app එකටද පාවිච්චි කළ නොහැක).
පසුගිය වසරේ අගභාගයේදී Telegram විසින් Passkeys
හඳුන්වා දුන් අතර, ඒ හරහා SMS කෝඩ් එකක් වෙනුවට තමන්ගේ Fingerprint හෝ PIN එක භාවිතයෙන් ආරක්ෂිතව ගිණුමට ලොග් වීමේ හැකියාව ලැබුණි. කලින් මෙම පහසුකම තිබුණේ නිල Telegram apps වලට පමණි.
ඔබට Passkeys භාවිතා කළ හැක්කේ දැනට පවතින ගිණුමකට ලොග් වීමට පමණි. අලුතින් ගිණුමක් සෑදීමේදී (New account) තවමත් SMS කෝඩ් එකක් අවශ්‍ය වේ.
මෙය ක්‍රියාත්මක වන ආකාරය
දැන් වෙනත් apps developers ලටත් මෙම පහසුකම තම apps වලට එක් කිරීමට අවස්ථාව ලැබී ඇත. නමුත් එහිදී මෙම සීමාව පවතී:
Passkey එකක් ක්‍රියා කරන්නේ එය සෑදූ app එක තුළ පමණි. නිල Telegram app එකේ ඇති passkey එකක් වෙනත් app එකකදී වැඩ නොකරන අතර, වෙනත් app එකකින් සාදන ලද key එකක් නිල app එකේ හෝ වෙනත් කිසිදු app එකක භාවිතා කළ නොහැක.
මොකක්ද මේකට හේතුව?
මෙය Telegram විසින් හිතාමතා පනවන ලද සීමාවක් නොවේ. Passkey තාක්ෂණයේම පවතින ආරක්ෂිත ක්‍රමවේදයකි. එමගින් වංචා සහගත වෙබ් අඩවි හෝ apps (phishing) මගින් ඔබේ තොරතුරු සොරකම් කිරීම වළක්වනු ලබයි.
වෙනත් apps වලටත් Passkeys පහසුකම ලැබීම ඉතා හොඳ තත්ත්වයකි. මෙය SMS සඳහා විශාල මුදලක් වැයවන හෝ Telegram තහනම් කර ඇති නිසා SMS ලබාගැනීමට අපහසු රටවල සිටින පරිශීලකයින්ට ඉතාමත් ආරක්ෂිත සහ පහසු විසඳුමක් වනු ඇත.
#security #authorization #passkey
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram