avatar
Telegram Info Sinhala
@tginfosi
16.12.2025 10:44
Passkeys සහ Gift Purchase Offers සමගින් Telegram අලුත් වෙයි!

Telegram Android (v12.2.10) සහ iOS (v12.2.4) සඳහා නව යාවත්කාලීනයක් නිකුත් වී තිබෙනවා.

1. Passkeys:
දැන් ඔබට ඔබේ උපාංගයේ Passkey එකක් සාදාගත හැක. මේ හරහා පින් අංකයක් (PIN) හෝ ඔබේ ඇඟිලි සලකුණු (Fingerprint) / Face ID භාවිතා කර ක්ෂණිකව Telegram වෙත ලොග් විය හැක.
* SMS නොලැබෙන අවස්ථාවක හෝ දුරකථන සිග්නල් නොමැති විටක වුවද ගිණුමට ලොග් වීමට මෙය ඉතා වැදගත් වේ.

Passkeys විශේෂාංගය සම්බන්ධයෙන් @tginfo කණ්ඩායම විසින් සවිස්තරාත්මක මාර්ගෝපදේශයක් (Guide) සහ නිතර අසන ප්‍රශ්න (FAQ) මාලාවක් සකස් කර තිබෙනවා. ඒ වගේම, Android වල Passkeys භාවිතා කරන විට මතුවන පොදු ගැටළු විසඳා ගන්නා ආකාරය (troubleshooting steps) ගැනත් අප මෙහි විස්තර කර තිබේ.


2. තෑගි මිලදී ගැනීමේ යෝජනා (Gift Purchase Offers):
වෙනත් අයෙකුගේ profile එකේ ඇති තෑග්ගක් (Gift) දැක එය මිලදී ගැනීමට අවශ්‍ය නම්, දැන් ඔබට ඒ සඳහා මිල ගණන් යෝජනා කළ හැක (Make an offer).
* අවම වශයෙන් Stars 125ක් හෝ TON 1.1 ක්වත් යෝජනා කළ යුතුය.
* ඔබට මිල සහ එම ඉල්ලීම වලංගු වන කාලය තීරණය කළ හැකි අතර, එම කාලය තුළ අදාළ මුදල ඔබේ ගිණුමෙන් වෙන් කර තබනු ලැබේ (Reserved).

3. Stories සඳහා කැමති Music:
දැන් ස්ටෝරි (Story) පල කරන විට, ඔබේ "Saved Music" එකෙන් හෝ Chat වල මෑතකදී හුවමාරු වූ Audio Files Background Music ලෙස භාවිතා කළ හැක.

අනෙකුත් features:
* Collectible gifts වල සියලුම විස්තර (attributes) බලාගැනීමේ හැකියාව.
* චැනල් එකක පරිශීලකයින් බෑන් (ban) කිරීමට අවසර ඇත්තේ කුමන ඇඩ්මින්වරුන්ටද යන්න තෝරා ගැනීමේ හැකියාව.
* සටහන: බීටා (Beta) සංස්කරණයේ තිබූ 'Liquid Glass' ඩිසයින් එක මෙම සංස්කරණයට ඇතුළත් කර නොමැත.

වැඩිදුර විස්තර: telegram.org/blog/passkeys-and-gift-offers

භාගත කරගැනීමට (Download):
* Android: Google Play, නිල වෙබ් අඩවියෙන් හෝ verified channel එකෙන්.
* iOS: App Store.

#update #Android #iOS
744

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Telegram Info Sinhala

565
@tginfo හි සිංහල අනුවාදයයි

සියලුම බීටා විස්තර සඳහා: @betainfosi

නිර්නාමික ලෙස ප්‍රතිචාර එවීම: @infowritebot
සියලුම සාකච්ඡා කිරීම්: @tginfosichat
Открыть в Telegram