Android සහ iOS සඳහා Telegram 11.14 අනුවාදයට යාවත්කාලීන කර ඇත.
මෙම නව සංස්කරණයේදී, පරිශීලකයින්ට පහත විශේෂාංග වෙත ප්‍රවේශය ලැබී තිබේ:
ප්‍රොෆයිල් මට්ටම (Profile Rating)
• Telegram මගින් දැන් පරිශීලක ප්‍රොෆයිලවල rating badge එකක් පෙන්වීම ආරම්භ කර ඇත.
• මෙම badge එකේ අංකය, ඔබ Telegram Stars භාවිතයෙන් සිදුකරන සාර්ථක ගනුදෙනුවල මුළු වටිනාකම මත රඳා පවතී.
• Gifts මිලදී ගැනීම, ගෙවා පණිවිඩ (paid messages) සහ star reactions යැවීම, සහ posts promote කිරීමට ගෙවීම වැනි දේ මගින් ඔබේ rating එක වැඩි වේ.
• Stars සඳහා refund එකක් ලබා ගත්තොත් හෝ gifts නැවත Stars බවට පරිවර්තනය කළහොත් ඔබේ rating එක අඩු වේ.
• ලකුණු 0ක් ඇත්නම් මෙම badge එක නොපෙනේ.
• ලකුණු සෘණ අගයක් (-) ද ගත හැක.
• මෙම rating එක සැඟවිය නොහැක — එය සියලුම පරිශීලකයින්ට පෙනේ.
පොදු පෝස්ට් සෙවීම (Public Post Search)
• Search කරන විට 'Posts' නමින් නව tab එකක් හඳුන්වා දී ඇත. එමගින් සියලුම public channels වල ඇති posts, keywords මගින් සෙවිය හැක.
• මෙම ගෝලීය සෙවුම (global search) ලබා ගත හැක්කේ Telegram Premium පරිශීලකයින්ට පමණි.
• ඔබ අදාල නාලිකාවේ පරිශීලකයෙකු වුවද මෙම සෙවුම් වාර ගණන සීමිත වේ: දිනකට භාවිතා කළ හැක්කේ 10 වතාවක් පමණි.
• Telegram Stars 10ක් අමතරව ගෙවා, තවත් එක් සෙවුම් වාරයක් ලබා ගත හැක.
ස්ටෝරි ඇල්බම් (Story Albums)
• ඔබේ profile එක තුළ, ඔබගේ ස්ටෝරි (stories) ඇල්බම ලෙස කාණ්ඩගත කළ හැක.
• එවැනි ඇල්බම 20ක් දක්වා සෑදිය හැක.
• ඇල්බමයකට ස්ටෝරි එකතු කිරීමට, ඔබේ profile එකේ
“Posts” tab එකට ගොස්
“Add Album” යන්න තෝරන්න.
• ස්ටෝරියක් පළ කිරීමට පෙර, එය ඇතුළත් කළ යුතු ඇල්බම තෝරාගත හැක.
තෑගි එකතු (Gift Collections)
• ඔබේ profile එකේ ඇති තෑගි (Gifts) දැන් collections වලට
එකතු කළ හැක.
• එවැනි collections 10ක් දක්වා සෑදිය හැකි අතර, එකම තෑග්ගක් collections කිහිපයකටම අයත් විය හැක.
• පහසුවෙන් බැලීම සඳහා collections තුළ filtering පහසුකම් ද ඇත.
• Gifts එකතු කිරීමට, profile එකේ
“Gifts” tab එකට ගොස්, gift එකක් තෝරා
“Add to Collection” යන්න තෝරන්න.
වෙනත් යාවත්කාලීන කිරීම්:
• Premium පරිශීලකයින්ට පමණක් විශේෂිත වූ නව තෑගි වර්ග ඉක්මනින් හඳුන්වා දෙනු ඇත. සෑම පරිශීලකයෙකුටම මිලදී ගත හැකි වන්නේ ඉන් සීමිත ප්‍රමාණයක් පමණි.
• නව
@BotFather mini app එක හරහා දැන් ඔබට බොට්ස් සෑදීම සහ කළමනාකරණය කිරීම කළ හැක.
• Collectible gifts දැන් Telegram හි marketplace එක තුල TON සඳහා
විකිණිය හැක.
වැඩිදුර විස්තර සඳහා ලිපිය:
telegram.org/blog/post-search-story-albums-and-more/
භාගත කරගැනීමට (Download):
•
Android: Google Play,
නිල වෙබ් අඩවියෙන් හෝ
verified channel එකෙන්.
•
iOS: App Store.
#update #Android #iOS
Обсуждение 10
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram