avatar
Telegram Info Sinhala
@tginfosi
26.07.2025 17:13
Telegram Marketplace හි වංචාකරුවන්

දැනට Stars මගින් upgraded gifts මිලදී ගත හැකි Telegram marketplace එකේ, සමහර gifts අනිත් ඒවාට වඩා සැලකිය යුතු ලෙස අඩු මිල ගණන් වලට දක්නට ලැබේ.
නමුත්, එවැනි gift එකක් මිලදී ගැනීමට උත්සාහ කරන විට "Price changed. Please try again." යනුවෙන් error පණිවිඩයක් ලැබෙනු ඇත. මෙයට හේතුව වංචාකරුවන් විසින් සෑම තත්පරයකදීම එහි මිල වෙනස් කිරීමයි. එම නිසා එය මිලදී ගැනීමට නොහැකි වේ.

මෙම gift එකේ අයිතිකරුගේ නමෙහි (owner's name) බොහෝවිට 'description' එක බලන ලෙස සඳහන් කර තිබේ. එහි, යම් යම් අවසරයන් (permissions) ඇති business bot කෙනෙක් activate කරන ලෙස පරිශීලකයින්ව දිරිමත් කරනු ලබන අතර මෙමගින් මිල දිගින් දිගටම වෙනස් වීමේ ගැටළුව විසඳා ගත හැකි බව ඔවුන් පවසයි.

නමුත් ඇත්ත වශයෙන්ම, අප කලින් දැනුවත් කල පරිදි මෙය පැරණි වංචනික ක්‍රමයකි. ඔබ එම අවසරය ලබා දුන් පසු, එම business bot එක විසින් ඔබ සතු වටිනා, සීමිත සංස්කරණයන් සහිත (limited-edition) gifts සොරකම් කරනු ලබන අතර එසේ සොරකම් කළ දේවල් නැවත ලබා ගැනීම කිසිසේත්ම කළ නොහැකි තත්ත්වයට පත්වේ.

#gifts #scam
👏 1
3 363

Обсуждение 3

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Telegram Info Sinhala

565
@tginfo හි සිංහල අනුවාදයයි

සියලුම බීටා විස්තර සඳහා: @betainfosi

නිර්නාමික ලෙස ප්‍රතිචාර එවීම: @infowritebot
සියලුම සාකච්ඡා කිරීම්: @tginfosichat
Открыть в Telegram