avatar
Telegram Info Sinhala
@tginfosi
19.07.2025 16:38
නේපාලයේ ටෙලිග්‍රෑම් යෙදුම තහනම් කිරීමකට ලක් වෙයි!

වංචනික ක්‍රියා ඉහළ යාම හේතුවෙන්, නේපාලයේ විදුලි සංදේශ නියාමන අධිකාරිය (NTA) විසින් රට පුරා Telegram සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට නියෝග කර තිබෙනවා.

නවතම තත්ත්වය:
• මේ පිළිබඳ නිල දැනුම් දීම සියලුම විදුලි සංදේශ සමාගම් වෙත වහාම යවා ඇත.
• අගමැති, සන්නිවේදන අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සෘජු නියෝග මත මෙම තහනම ක්‍රියාත්මක කර ඇත.
• පොලිසිය සහ මූල්‍ය ආයතන සමඟ කළ සාකච්ඡාවලින් පසුව මෙම තීරණය ගෙන තිබේ.

තහනමට නිල හේතු:
• ටෙලිග්‍රෑම් හරහා සිදුවන online වංචා සීඝ්‍රයෙන් ඉහළ යාම.
• මෙම app එක හරහා මුදල් විශුද්ධිකරණය (money laundering) කරන බවට තහවුරු වීම.
• ව්‍යාජ රැකියා, ක්‍රිප්ටෝ (crypto) සහ වෙනත් මූල්‍ය වංචා ඇතුළු සිදුවීම් සිය ගණනක් පොලිසියට වාර්තා වීම.

#bans #Nepal
🔥 2
4 2 337

Обсуждение 4

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Telegram Info Sinhala

565
@tginfo හි සිංහල අනුවාදයයි

සියලුම බීටා විස්තර සඳහා: @betainfosi

නිර්නාමික ලෙස ප්‍රතිචාර එවීම: @infowritebot
සියලුම සාකච්ඡා කිරීම්: @tginfosichat
Открыть в Telegram