avatar
Telegram Info Sinhala
@tginfosi
27.08.2024 06:08
Telegram Info Sinhala Фото: ප්‍රංශය Pavel Durovගේ අත්අඩංගුවට ගැනීම දීර්ඝ කරයි ප්‍රංශ පුවත් ඒජන්සියක් වන AFP වාර්තා කළ පරිදි, පැරිසියේ ගුවන් තොටුපොළක දී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉරිදා දින Telegram නිර්මාතෘ Pavel Durovගේ රඳවා තබා ගැනීම ප්‍රංශ අධිකරණ බලධාරීන් දීර්ඝ කළේය. ප්‍රශ්න කිරීම සඳහා මූලික රඳවා ගැනීමේ කාලය පැය 96 දක්වා පැවතිය හැකිය.මෙම අදියර අවසන් වූ පසු, ඔහු නිදහස් කිරීමට හෝ චෝදනා එල්ල කර රඳවා තබා ගැනීමට විනිසුරුවරයෙකු තීරණය කරනු ඇත. ඊට ප්‍රතිචාර වශයෙන්, Telegram ආයතනය පැවසුවේ "Telegram හි CEO Pavel Durovට සඟවන්නට කිසිවක් නැති අතර ඔහු නිතර යුරෝපයේ සංචාරය කරන” බවයි. "යුරෝපා සංගමයේ ඇති Digital Services පනත ඇතුළුව අනෙකුත් නීති Telegram ආයතනය අනුගමනය කරයි. Telegram තුළ තිබෙන Content කළමනාකරණය කරන හා පාලනය කරන ආකාරය (මධ්‍යස්ථභාවය) සිදුවන්නේ මෙම ක්ෂේත්‍රයේ සම්මත ප්‍රමිතීන්වලට අනුකූලව වේ." ටෙලිග්‍රෑම් සමාගම වැඩිදුරටත් පැවසීය. "Platform එකක් හෝ එහි හිමිකරු එම Platform එක අනිසි ලෙස භාවිතා කිරීම සඳහා වගකිව යුතු යැයි පැවසීම හාස්‍යජනකය." #arrest
Pavel Durovට අපරාධ 12ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

“Novaya Gazeta Europe” විසින් ප්‍රංශ නඩු පවරන්නාගෙ කාර්යාලයෙන් මාධ්‍ය නිවේදනයකට ප්‍රවේශය ලබාගෙන ඇති අතර, චෝදනා ලැබූ වැරදි කිහිපයක් පහත පරිදි හෙළි කර ඇත:

සංවිධානාත්මක කණ්ඩායම්වලට නීති විරෝධී ගනුදෙනු සිදු කිරීම සඳහා අන්තර්ජාල වේදිකාවක් පරිපාලනය කරමින් සහාය දැක්වීම
• විමර්ශන හා නඩු පැවරීම සඳහා අවශ්‍ය තොරතුරු හෝ ලේඛන නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ලබා දීම ප්‍රතික්ෂේප කිරීම.
• ළමා කාමුක දර්ශන ගබඩා කිරීමට සහය දැක්වීම.
• මත්ද්‍රව්‍ය බෙදාහැරීමට සහය දැක්වීම.
• සයිබර් අපරාධවලට සහය දැක්වීම.
• සංවිධානාත්මක අපරාධ කන්ඩායම් විසින් සිදු කරන ලද වංචාවලට සහය දැක්වීම.

රුසියානු ප්‍රවෘත්ති ඒජන්සියක් වන TASS, වාර්තා කරන්නෙ Pavel Durov ට එරෙහිව විමර්ශනය ජූලි 8 වන දින ආරම්භ වූ බවයි. ඒජන්සියේ තොරතුරු අනුව, Pavel Durov අගෝස්තු 28 වන තෙක් රඳවා තබා ගැනීමට හැකි වනු ඇත.

එමැනුවෙල් මැක්‍රොන් සමස්ත ප්‍රංශ රජයෙන්ම නිල ප්‍රකාශයක් නිකුත් කළ පළමු පුද්ගලයා වූ අතර, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය අවධාරණය කරමින් Pavel Durovගේ අත්අඩංගුවට ගැනීමට දේශපාලනික බලපෑමක් නොමැති බවත්, පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන නීතිමය රාමුවට අනුකූලව සිදු කර ඇති බවත් අවධාරණය කළේය.

RIA Novosti ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, යුරෝපා කොමිසම පවසා ඇත්තේ ඔවුන් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්, ප්‍රංශ බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත්ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයද මෙම සිදුවීම නිරීක්ෂණය කරමින් සිටින නමුත්, තවමත් අදහස් දැක්වීමක් නොමැති බව මහ ලේකම්වරයාගේ කාර්යාලය පවසා ඇත. මීට පෙර, TASS ප්‍රවෘත්ති ඒජන්සියේ විමසීමකට පිළිතුරු දෙමින්, යුරෝපා කොමිසම අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත: "මෙය ජාතික පරීක්ෂණයකි, අපි ඒ ගැන අදහස් දැක්වීමට අදහස් නොකරන අතර, ඔබ ප්‍රංශ බලධාරීන් අමතන්න."

UPD

#arrest
5 523

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Telegram Info Sinhala

565
@tginfo හි සිංහල අනුවාදයයි

සියලුම බීටා විස්තර සඳහා: @betainfosi

නිර්නාමික ලෙස ප්‍රතිචාර එවීම: @infowritebot
සියලුම සාකච්ඡා කිරීම්: @tginfosichat
Открыть в Telegram